පාම් තෙල් කර්මාන්තයේ තිරසාරත්වය ප්‍රවර්ධනය කරන ආසියානු පාම් ඔයිල් සංගමයේ (APOA) සමාරම්භක සාමාජිකත්වය ශ්‍රී ලංකාවට හිමි වෙයි.

news

ලොව තිරසාර කෘෂිකර්මාන්තය සම්බන්ධ ප්‍රමුඛතම සංවිධානයක් වන Solidaridad Network හා Solvent Extractors’ Association (SEA) හි සහයෝගීතාවයෙන් ආසියානු කලාපයේ පාම් ඔයිල් ආනයනය කරනු ලබන ප්‍රධාන රටවල් පහ වන ඉන්දියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල් එක්වී ආසියානු පාම් ඔයිල් සංගමය (Asian Palm Oil Alliance (APOA)) පිහිටුවන ලදී. පාම් තෙල් සම්බන්ධයෙන් පවතින දුර්මත දුරුකරමින්, සහ උසස් ප්‍රමිතියකින් යුත්, ලාභදායී සහ සෞඛ්‍යයට හිතකර එළවලු තෙල් වර්ගයක් වන පාම් තෙල් හී සත්‍ය කරුණු පෙන්වා දීම මෙම සන්ධානයේ ප්‍රධාන අරමුණ වී ඇත.

මේ පිළිබදව අදහස් දක්වමින් Solvent Extractors’ Association (SEA) හි සභාපති ශ්‍රී අතුල් චතුර්වේදී මහතා මෙසේ පැවසීය. “මෙවැනි සංවිධානයක අවශ්‍යතාව අපට කලක පටන් දැනී තිබුණා. ඒ අනුව ආසියානු කලාපයේ ඔයිල් පාම් ආනයනය කරනු ලබ රටවල් කිහිපයක් එක් වී APOA පිහිටුවා ගත්තා. පාම් තෙල් යනු සහනදායී මිලකට ලබාගත හැකි ආහාරමය හා පෝෂණ මූලාශ්‍රයක්. APOA මගින් පාම් තෙල් පරිභෝජනය කරන රටවල ආර්ථික සහ ව්‍යාපාරික අංශ ආරක්ෂා කිරීමටත්, ආසියාවේ ආහාර නිෂ්පාදන සහ එළවලු තෙල් සඳහා භාවිතා වන සියලුම මේද සහ තෙල් වර්ග සඳහා සමාන අවස්ථාවන් නිර්මාණය කිරීමටත් අප බලාපොරොත්තු වනවා. එමෙන්ම සාමාජික රටවල තිරසාර පාම් තෙල් පරිභෝජනය වැඩි කිරීම එහි තවත් අරමුණක්.”

“ප්‍රධාන පෙළේ ආසියානු තෙල් නිස්සාරන සංගම් සියල්ල සඳහා මධ්‍යස්ථ කැඳවුම්කරු බවට පත්වීමට ලැබීම ගැන අප සතුටු වනවා. ඉදිරි වසරවලදී ගෝලීය පාම් ඔයිල් කර්මාන්තයේ පොදු ගැටලු, අවශ්‍යතා සහ අභිලාෂයන් ආමන්ත්‍රණය කිරීම සඳහා APOA වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි යන්න අපගේ බලාපොරොත්තුවයි. ඉදිරි දශක කීපයේදී ආසියානු කලාපයේ ආර්ථික සංවර්ධනය ඉහළ යාමත් සමග පාම් තෙල් සඳහා පවතින ඉල්ලුම තවදුරටත් ඉහළ යාවි. ඉදිරියේදී පාම් ඔයිල් නිෂ්පාදන රටවල්ද අප සමග එක්කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.” Solidaridad Asia හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ශතද්රු චත්තෝපාධ්‍යායි මහතා පැවසී ය.

“තිරසාර පාම් තෙල් කර්මාන්තයක් සඳහා පාම් තෙල් පරිභෝජනය කරන ආසියානු රටවල් අතර සාමූහික හා සම්බන්ධීකරණ ප්‍රයත්නයන් පවත්වාගෙන යාමට APOA වැනි සංවිධානයක් තිබීම අතිශයින් වැදගත්. එය ආසියානු කලාපයේ පාම් තෙල් කර්මාන්තයේ තිරසාරත්ව උත්සාහයන් ශක්තිමත් කිරීමට මහෝපකාරී වේවි. මෙම වැඩසටහනට සහය දැක්වීමට හැකි වීම අපට සතුටක්. මෙම සංගමයේ සමාරම්භක සාමාජිකයෙකු ලෙස සම්බන්ධ වීම සඳහා අපට ආරාධනා කිරීම පිළිබඳව අප ඉන්දියාවේ Solvent Extractors Association සහ Solidaridad වෙත අපගේ ස්තූතිය පළකර සිටිනවා. ශ්‍රී ලංකාවේ සහ කලාපයේ ආර්ථික තිරසාරත්වයට සහ සමෘද්ධියට දායක වන තිරසාර පාම් තෙල් කර්මාන්තයක් වෙනුවෙන් සාමූහිකව පියවර රැසක් ගැනීමට අපට හැකිවනු ඇතැයි යන්න අපගේ බලාපොරොත්තුවයි.” ශ්‍රී ලංකා පාම් ඔයිල් කර්මාන්ත සංගමයේ සභාපති ආචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා පැවසී ය.

පාම් තෙල් යනු එළවලු තෙල් වර්ග අතර ඵලදායීත්වය අතින් ඉහළම තෙල් වර්ගයක් ලෙස සැලකේ. එහෙත් එය බොහෝ අවස්ථා වලදී විවිධ දුර්මත වල බලපෑමට ලක්වන අතර එය පාම් තෙල් නිෂ්පාදනයෙහි සහ අලෙවියෙහි නියුතු බොහෝ දෙනෙකුට දැඩි බලපෑමක් එල්ල කරන සාධකයකි. ශ්‍රී ලංකාවේ රජය පාම් තෙල් නිෂ්පාදනය තහනම් කිරීම නිසා මේ වනවිට රටේ ආර්ථිකයට ඩොලර් මිලියන ගණනක අලාභයක් සිදු වී තිබේ. ශ්‍රී ලංකාව වසරකට එළවලු තෙල් මෙට්‍රික් ටොන් 180,000 ත් 220,000 ත් අතර ප්‍රමාණයක් ආනයනය කරයි. මේ සඳහා ඔයිල් පාම් හෙක්ටයාර 50,000 ක වගාවක් ප්‍රමාණවත් නමුත් මෙය පොල් වලින් සපුරාගන්නේ නම් හෙක්ටයාර 271,000 ක් අවශ්‍ය ය. පොල් වලට සාපේක්ෂව 4 ගුණයක හෝ 5 ගුණයක අස්වැන්නක් ලබාදීමට ඔයිල් පාම් වලට හැකියාව ඇත. 1968 වසරේදී ආරම්භ වූ මෙරට ඔයිල් පාම් වගාව වසර 54 ක කාලයක් තිස්සේ පවතින අතර එය අනෙකුත් වාණිජ භෝග වලට සාපේක්ෂව හෙක්ටයාරකට ඉහළ ලාභ උත්පාදනය කර දී ඇත. මේ නිසා ඔයිල් පාම් මෙරට සුළු පරිමාණ වගාකරුවන්ට වැඩියෙන්ම ලාභ ගෙනෙන භෝගය ලෙස සැලකේ. මෙරට වතු කම්කරුවන්ගේ වැටුප් හා සංසන්දනය කර බැලූවිට තේ හෝ රබර් කර්මාන්තයේ නියැළෙන්නෙකු ලබා ගන්නා ආදායමට වඩා ඉහළ ආදායම් මට්ටමකට ඔයිල් පාම් කම්කරුවන් ළගා වේ. එම නිසා පාම් තෙල් කර්මාන්තය මෙරට දරිද්‍රතාව තුරන් කිරීම සඳහා භාවිතා කළ හැකි මනා විසඳුමක් ලෙසද පෙන්වා දිය හැකි වේ.

වැඩිදුර තොරතුරු සඳහා:

Sri Lanka
yajithdesilva@gmail.com

Yajith De Silva
Chief Operating Officer
Palm Oil Industry Association
+94 77 236 4198

Asia
suresh.motwani@solidaridadnetwork.org

Dr Suresh Motwani
General Manager – Solidaridad Asia
Palm Program Focal Point
+91 94250 10530

news
news