පාම් තෙල් ගැන නොදන්න කතාවක්.

ඔයිල් පාම්, ශ්රී ලංකාවේ ආර්ථික වශයෙන් වඩාත්ම වාසිදායක භෝගය වන අතර වෙනත් භෝග වලට සාපේක්ෂව ආයෝජනය සඳහා ඉහළම ප්රතිලාභද ලබාදෙයි. ආර්ථික ලාභ සහ ජීවනෝපාය මාර්ග උදාකර දෙමින් ප්රජාවන් දරිද්රතාවෙන් මුදාගැනීමේ හැකියාව ඔයිල් පාම් සතු ය. හෙක්ටයාරයක ඔයිල් පාම් වගා කිරීමේ වියදම ආසන්න වශයෙන් රු. මිලියන 1.5ක් වන අතර, හෙක්ටයාර 1,000 ක ඔයිල් පාම් වගාවන් ගලවා ඉවත් කිරීම යනු රු. බිලියන 1.5 ක් විනාශ කිරීමට සමාන ය. මෙහිදී කම්කරුවන්ගේ ආදායම අහිමි වීම සහ ආයෝජකයන්ගේ ලාභය අහිමි වීම වැනි සාධකද සැලකිල්ලට ගත යුතු වේ. වගාවෙන් 50% ක් දක්වා ගලවා ඉවත් කළහොත්, මෙම තත්ත්වය තවත් දරුණු අතට හැරෙනු ඇත. මෙවන් තත්ත්වයකදී පාම් ඔයිල් සම්බන්ධයෙන් නිතර නිතර අසන්නට ලැබෙන ප්රශ්නවලින් පෙනී යන්නේ මෙරට බොහෝ දෙනා තුළ පාම් ඔයිල් සම්බන්ධයෙන් ඇත්තේ අනවබෝධයක් බවයි. එනිසාම මේ උත්සාහය ඒවාට සැබෑ පිළිතුරු සොයායාමයි.


1. පාම් තෙල් සෞඛ්යට හිතකර වන්නේ කෙසේද?

පාම් තෙල් ලබාගන්නේ ඉදුණු පාම් ගෙඩි වලිනි. මෙහි ප්රධාන වශයෙන් සංතෘප්ත, ඒකීය සංතෘප්ත සහ බහු සංතෘප්ත (saturated, monounsaturated and polyunsaturated) වශයෙන් මේද වර්ග 3 ක් අඩංගු වේ. සංතෘප්ත මේදය මගින් හෘද රෝග අවදානම ඇතිවිය හැකි නමුත් අසංතෘප්ත මේදය මගින් හෘද රෝග අවදානම අවම කරයි. මේ අනුව පාම් තෙල්වල 50%ක් සංතෘප්ත මේදය ද, 39%ක් අසංතෘප්ත මේදය ද, 11%ක් බහු අසංතෘප්ත මේදය ද අඩංගු වන නිසා සෞඛ්යයට හිතකර බවට සැලකේ.


2. ඔයිල් පාම් වගාව නිසා ශ්රී ලංකාවේ වන ආවරණයේ අඩුවීමක් සිදුවීමට ඉඩ තිබේද?

නැත. ඔයිල් පාම් වගා කළ හැකි ඉඩම් සම්බන්ධයෙන් ශ්රී ලංකා රජය දැඩි මාර්ගෝපදේශයන් හඳුන්වා දී තිබේ. ඒ අනුව ඔයිල් පාම් වගා කළ හැක්කේ දැනටමත් වගා කටයුතු සඳහා භාවිතා වන ඉඩම් වල, ආර්ථික වශයෙන් ඵලදායී නොවන භෝග වෙනුවට විකල්පයක් ලෙස පමණි. ඇතැම් වැවිලි කළමනාකරණ සමාගම්, මුහුදු මට්ටමේ සිට මීටර් 300 ට වඩා පහළ බිම් වල වගා කළ, ආර්ථික වශයෙන් ඵලදායී නොවන භෝග වෙනුවට ඔයිල් පාම් වගාකර ඇත. මේ සියලු වගා බිම් පිහිටා ඇත්තේ තෙත් කලාපය තුළ ය.

ශ්රී ලංකාවේ ඔයිල් පාම් වගාවේදී කිසිදු ස්වභාවික වනාන්තර භූමියක් විනාශ වී නොමැත. ඔයිල් පාම් යනු, දැනට පවතින වගාවන්ගේ ආයුකාලය අවසන් වූ පසුව, නව විකල්ප භෝගයක් ලෙස වගා කළ හැකි භෝගයකි. මේ වනවිට හෙක්ටයාර් 12,000 ක, එනම් රටේ වැවිලි බෝග වගා බිම් වලින් 1.5% ක (රටේ මුළු භූමි ප්රමාණයෙන් 0.0018% ක්) ඔයිල් පාම් වගාකර ඇත. මේ වගා බිම් බොහොමයක් මීට පෙර රබර් හෝ තේ වගාකළ ඉඩම් ය.


3. ඔයිල් පාම් වගාව, රබර්, තේ සහ පොල් වැනි පරිසර හිතකාමී වගාවන්ට තර්ජනයක්ද?

නැත. ශ්රී ලංකා රජයේ රෙගුලාසි අනුව, රට තුළ ඔයිල් පාම් වගා කළ හැක්කේ හෙටයාර් 20,000 ක් දක්වා පමණි. එමෙන්ම ඔයිල් පාම් වලින් ලැබෙන පරිසර පද්ධති සේවා (ecosystem services) රබර් භෝගයට සමාන වේ. රබර් පර්යේෂණායතනය රටේ රබර් වගාකිරීම සඳහා විකල්ප ප්රදේශ හඳුනාගෙන ඇති අතර, රබර් වගාව තවදුරටත් ව්යාප්ත කිරීම සඳහා ප්රමාණවත් තරම් ඉඩම් රට තුළ පවතී.


4. ඔයිල් පාම් ආක්රමණික ශාකයක් බවත්, ඒවා මගින් අනෙකුත් ස්වාභාවික ශාක වලට තර්ජනයක් ඇතිවිය හැකි බවත් ඇතැම් අය සිතති. මෙය සත්යයක්ද?

ඔයිල් පාම් වගාකිරීම හා නෙළීම සිදුකරනු ලබන්නේ තෙල් ලබාගැනීමට ය. එම නිසා ස්වාභාවික ව්යාප්තිය හා ප්රරෝහණය සඳහා අවශ්ය තරම් විශාල බීජ ප්රමාණයක් නොමැත. ව්යාප්ත විය හැකි සුළු බීජ ප්රමාණය ද ඉතා පහසුවෙන් පාලනය කළ හැකි නිසා ආක්රමණිකත්වය පිළිබඳ බිය හුදෙක් මිථ්යාවක් පමණි.


5. පාම් තෙල් නිෂ්පාදනයෙන් ජනතාවගේ ජීවනෝපායන්ට ඇතිවන බලපෑම කෙබඳුද?

දැනට වෙළඳපොළේ පවතින මිලගණන් අනුව, ඔයිල් පාම්, පොල්, තේ සහ රබර් වල ලාභදායීත්වය වසරකට හෙක්ටයාරයකින් රු. 660,000/-, රු. 245,000/-, රු. 75,000/- සහ රු. 45,000/- වේ. එමෙන්ම ඔයිල් පාම් වගාවන්හි සේවයෙහි නියුතු කම්කරුවෙකු මසකට රු. 65,000/- ක පමණ උපයන අතර, මීට සාපේක්ෂව තේ සහ රබර් වගාවන්හි කම්කරුවෝ මසකට රු. 30,000/- ත් රු. 35,000/- ත් අතර මුදලක් උපයති.

පාම් ඔයිල්, එය වගාකරන්නන්ටත්, කර්මාන්තයට සම්බන්ධ අනෙකුත් පාර්ශ්වකරුවන්ටත් වඩාත් ලාභදායී වේ. මේ අනුව බලන විට, වසර ගණනාවක් තිස්සේ ඉන්දුනීසියාවේ හා මැලේසියාවේ ආර්ථිකයන් පාම් තෙල් කර්මාන්තයෙන් පන්නරය ලැබීමත්, එම රටවල ඔයිල් පාම් වගාවන්ගෙන් 40% කට වැඩි ප්රමාණයක් සුළු පරිමාණ වගාකරුවන් විසින් සිදුකරනු ලැබීමත් පුදුමයක් නොවේ. මේ සියල්ල එම රටවලට සමාජයීය යහපැවැත්මටද සෘජුව බලපා ඇත.