ශ්‍රී ලංකාවේ ආර්ථිකය, සංවර්ධන න්‍යාය පත්‍රය සහ දිගුකාලීන කෘෂිකාර්මික ඵලදායීතාව කෙරෙහි පාම් ඔයිල් කර්මාන්තයේ බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාම් ඔයිල් කර්මාන්තකරුවන්ගේ සංගමය (POIA) විසින් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වන ලදි.
මේ සඳහා වැවිලි, කෘෂිකර්‌මාන්තය, සෞඛ්‍ය, ජෛව විවිධත්වය සහ ක්ෂේත්‍ර නායකත්වය නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ විශේෂඥ මණ්ඩලයක් සහභාගී විය. POIA හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී යජිත් ද සිල්වා, ලලාන් රබර් සමාගමේ මහාචාර්ය අශෝක නුගවෙල, වටවල වැවිලි සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රසන්න ප්‍රේමචන්ද්‍ර, SAARCFOODS ශ්‍රී ලංකා සංගමයේ සභාපති වෛද්‍ය රේණුකා ජයතිස්ස සහ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දේවක වීරකෝන් මෙහි මූලාසනය හෙබවූහ.
මෙහිදී පාම් ඔයිල් කර්මාන්තයේ ආර්ථික වැදගත්කම, විශේෂයෙන් ආනයන මත රඳා පැවැත්ම අවම කිරීම තුළින් විදේශ විනිමය සුරක්ෂිත කිරීම සහ වගාවන් සඳහා සුදුසු ඉඩම්වල ඵලදායීතාවය ඉහළ නැංවීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය.